දිවයිනේ තෝරාගත් රෝහල් 17 ක් ඉදිරිපිට අද දිනයේදී උද්ඝෝෂණ ව්‍යපාරයක් පැවැත්වීමට සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

මේ අනුව අද දහවල් 12 සිට 2 දක්වා මෙම උද්ඝෝෂණ මාලාව පැවැත්වෙන බවයි එම සන්ධානයේ සම කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා සදහන් කළේ.

සෞඛ්‍ය කාර්යමණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටුකිරීම ප්‍රමාද වීම සහ රෝහල් සේවාව පවත්වාගෙන යාමේදී ඊට බාධා කරන සෞඛ්‍ය පරිපාලකයන්ට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යංශය පියවර නොගැනීමට විරෝධය පළකරමින් මෙම උද්ඝෝෂණය ක්‍රියාත්මක බවයි රවි කුමුදේශ් මහතා වැඩිදුරටත් කියා සිටියේ.

WhatsApp Group

Skip to content