සෙසු රෝහල්වල මෙන්ම මහරගම අපේක්ෂා රෝහලේද මේ වන විට දැඩි ඖෂධ හිගයක් මතුව ඇති බව වෛද්‍යවරුන් පවසනවා.

මේ තත්ත්වය හේතුවෙන් අද දින වෛද්‍යවරුන් පිරිසක් විසින් මානව හිමිකම් කොමිසන් සභාව වෙත පෙත්සමක් භාර දෙනු ලැබුවා.

අදාළ පෙත්සමේ සදහන් වුණේ ඖෂධ හිගය හේතුවෙන් සෞඛ්‍ය අයිතාවසිකම් තර්ජනයට ලක් වී ඇති බවයි.

මේ එම පෙත්සම මානව හිමිකම් කොමිසන් සභාවට භාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ වෛද්‍ය පීඨ ආචාර්ය සමිති සම්මේලනයේ කැදවුම්කරු මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා.

https://www.vnews.lk/storage/2023/02/INDIKA-KARUNATHILAKA-EDIT-2.mp3?_=1

මේ අතර අද දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ළමා පිළිකා විශේෂඥ වෛද්‍ය සංජීව කුලතරත්න මහතා සදහන් කළේ ළමා පිළිකා රෝගීන් මෙරට තුළ වැඩිවෙමින් පවතින බවයි.

සෑම වසරකම ළමුන් 900 දෙනෙකු පමණ පිළිකා රෝගීන් ලෙස හදුනා ගන්නා බවත් වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා කියා සිටියා.

https://www.vnews.lk/storage/2023/02/SURAJ-PERERA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content