ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම මුලික රෝහලේ ඉදිකෙරුණු නව සිව්මහල් ගොඩනැගිල්ල සහ නියාගම ප්‍රාදේශීය රෝහලේ ඉදිකෙරුණු තෙමහල් ගොඩනැගිල්ලේ පළමු අදියර විවෘත කිරිම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ (18) සිදු කරන ලදී.

දකුණු පළාත් සභා ප්‍රතිපාදන සහ ලෝක බැංකු ආධාර යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සත්කාර පද්ධති සවිබලගැන්වීමේ ව්‍යාපෘතිය මගින් උඩුගම මූලික රෝහලේ රුපියල් මිලියන 400 ක වියදමින් මෙම නව සිව් මහල් ගොඩනැගිල්ල ඉදිකර ඇති අතර, ඒ තුල ශල්‍යාගාර 03 ක්, හදිසි ප්‍රතිකාර එ්කකයක් සහ වෛද්‍ය වාට්ටු 02 කින්ද වන අතර 2017 වසරේ මෙහි ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර, රට තුල ඇති වූ කොවිඩ් සහ ආර්ථීක අර්බුද හමුවේ ඉදිකිරීම් ප්‍රමාද වී තිබූ අතර සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් අනූව මාස 08 ක් වැනි කාලයක් තුල මෙම සිව්මහල් ගොඩනැගිල්ලේ වැඩකටයුතු අවසන් කිරිමට පියවර ගැනිණි.

WhatsApp Group

Skip to content