යුක්‍රේන හමුදා විසින් තම පාලනයේ පවතින රෝහලකට ප්‍රහාර එල්ලකළ බව රුසියාව චෝදනා කරනවා.

යුක්‍රේනයේ රුසියා පාලනය යටතේ තිබෙන රෝහලකට හිතාමතා පහරදුන් බවට රුසියාව යුක්‍රේන හමුදාවට චෝදනා කල බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් රෝගීන් 24 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිද්ධිය යුද අපරාධයක් ලෙසයි රුසියාව හදුන්වන්නේ. යුක්‍රේනය මේ සම්බන්ධයෙන් තවමත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content