නවසීලන්ත ටෙස්ට් ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වීමට කේන් විලියම්සන් ඊයේ සමත් වුණා.

ඒ, සංචාරක එංගලන්ත කණ්ඩායම සමග වෙලින්ටන් හී දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනයේ දීයි.

නවසීලන්ත දෙවැනි ඉනිම වෙනුවෙන් ශතකයක් වාර්තා කළ විලියම්සන් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 132 ක්.

මේ වන විට කේන් විලියම්සන් ටෙස්ට් තරග පිටියේ දී ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 7,787 ක් වනවා.

මීට පෙර නවසීලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් වාර්තා කර තිබුණේ රෝස් ටේලර් වන අතර, ඔහු ලකුණු 7,683 ක් වාර්තා කර තිබුණා.

WhatsApp Group

Skip to content