මාතර බන්ධනාගාරයෙන් වාර්තා වූ රෝගීන් අටදෙනාගේ සාම්පල බොරැල්ල වෛද්‍ය පර්යේෂණාගාරය වෙත යොමුකර ඇති බව බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා පවසනවා.

ඒවායේ පරීක්ෂණ වාර්තා අද දිනයේ ලැබෙනු ඇති බවයි ඔහු පැවසුවේ.

ඒ, අනුව මෙම රෝගී තත්ත්වය සායනිකව හා රසායනිකව තහහවුරු කර ගැනීමට අද දිනය තුළ හැකියාව ලැබෙනවා.

එමෙන්ම මේ වනවිටත් මෙම රෝගී තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය එන්නත් සහ ඖෂධ මාතර බන්ධනාගාරයේ අනෙකුත් රැඳවියන්ට ලබා දී ඇති බව වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා සඳහන් කළා.

මෙම තත්ත්වය සමඟ මාතර බන්ධනාගාරයේ රුදවියන් බැලීමේ අවස්ථාව අමුත්තන්නට හිමි නොවන බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර මාතර බන්ධනාගාරයෙන් වාර්තා වූ එම රෝග ලක්ෂණය පෙනුම් කළ රෝගීන් දෙදෙනෙක් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත්, සාමාන්‍ය වාට්ටුවල රෝගීන් 14 දෙනෙක් ප්‍රතිකාර ලබන බවත් වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා සඳහන් කළා.

WhatsApp Group

Skip to content