රෝහල් ගතවන රෝගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රෝගී අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියක් ඉදිරියේ දී එළිදක්වන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) ගම්පහ දිස්ත්‍රික්කයේ, වතුපිටිවල මුලික රෝහලේ වත්මන් තත්ත්වය පිළිබදව සොයා බැලීමේ විශේෂ නිරික්ෂණ චාරිකාවකට සහභාගි වීමෙන් අනතුරුව රෝහල් කාර්ය මණ්ඩලය සමඟ පැවති සාකච්ඡාවකදීය.

මෙහිදී රෝහලේ වාට්ටු, ශල්‍යාගාර, මුළුතැන්ගෙය, රසයානාගාර ඇතුලු ඒකක සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු අමාත්‍යාංශ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් වූ අතර, රෝහලේ සුළු අළුත්වැඩියාවන් සදහා රුපියල් මිලියන 25 ක මුදලක් ලබාදීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

රෝහලට අවශ්‍ය ඖෂධ ගබඩාව ඉදිකිරිම, ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකකය වැඩිදියුණූ කිරිම, අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉදිකිරිම සහ අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාගැනීම සදහා අවශ්‍ය ඇස්තමේන්තු කඩිනමින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදීමට කටයුතු කරන ලෙසත්, ඊට අදාළ මුල්‍ය ප්‍රතිපාදන ලබන වසරේ දී ලබාදීමට පියවර ගන්නා ලෙසට ද සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

WhatsApp Group

Skip to content