හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන අභාවප්‍රාප්ත රොනී ද මැල්ගේ අවසන් කැමති පත්‍රය හරහා ඔහුගේ අවමංගල උත්සවයේ දී ගිහි කථාව, මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත මංගල සමරවීරට පවරා තිබෙනවා.

“ගිහි කථා, ජනාධිපති, අගමැති, විපක්‍ෂ නායක, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන සහ මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීරට අවස්ථාව දිය යුතුය” ලෙස එම අවසන් කැමති පත්‍රයේ එහි සඳහන් වී ඇති බව වාර්තා වේ.

මෙම අන්තිම කැමති පත්‍රය 2020 වසරේ ජනවාරි මස 6 වැනිදා රුහුණු විශ්වවිද්‍යාලය මගින් රොනී ද මැල් මහතාගේ පෞද්ගලික ලේකම් කේ. එච්. විල්ෆ්‍රඩ් වෙත යොමුකර ඇත.

WhatsApp Group

Skip to content