ශ්‍රී ලංකා රේගු අධිකාරිය විසින් අද සහ හෙට යන දෙදින ක්‍රියාත්මක කර තිබූ වෘත්තීය වැඩ වර්ජනය අත් හැර දැමීමට තීරණය කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමග අද පස්වරුවේ පැවතී සාකච්ඡාවකින් අනතුරුවයි ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව එක් ව එකම ආයතනයකට බලය පැවරීමට එරෙහි ව දියත් කළ වර්ජනය අවසන් කට තිබෙනවා.

මේ අතර අද දිනයේ ක්‍රියාත්මක වූ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් බහාලු‍ම් 5000ක් පමණ කොළඹ වරායේ සිර වී ඇති බවටයි බහාලු‍ම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය චෝදනා කලේ.

WhatsApp Group

Skip to content