රේගු භාරයට ගෙන රඳවාගෙන ඇති වාහන 133කට අදාළ විමර්ශන ලිපිගොනු අස්ථානගතව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

විගණන වාර්තාවේ සඳහන් වන්නේ, මෙම වර්ෂයේ ජනවාරි 31 දින වනවිට පුද්ගලික ආයතනයකින් කුලී පදනම මත ලබාගෙන ඇති අංගනයක රේගු විමර්ශනවලදි රේගු භාරයට ගනු ලැබු රථවාහන 435ක්, බහාලුම් 91ක් තිබූ බවයි.

ඉන් වාහන 261ක් සහ බහාලුම් 86ක් වසර 05ක අධික කාලයක සිට අදාළ රථ වාහන අංගනයේ රඳවා තිබෙනවා.

විවිධ අංශ විසින් සිදුකරණ රේගු විමර්ශනවලදි රේගු භාරයට ගන්නා ලද හා වෙනත් නියාමන ආයතන විසින් රේගුවට භාරදෙන ලද හා රාජසන්තක කරණු ලැබු වාහන හා බහාලුම් වෙන්දේසි හෝ අපහරණය කරණ තෙක් රේගු අධික්ෂණයේ රඳවා ගැනීම සඳහා වර්ග අඩි 18,000ක භුමිභාගයක් පුද්ගලික ආයතනයකින් කුලියට ලබාගෙන තිබෙනවා.

2015 වර්ෂයේ සිට 2020 කාලය දක්වා පමණක් රේගුව විසින් අදාල සමාගම සමග විධිමත් ගිවිසුමකට එළඹ තිබුණා.

ඉන්පසු 2023 ජනවාරි මස දක්වා අවස්ථා 05කදි කාලය දිර්ඝ කරමින් මෙම භුමිය ප්‍රයෝජනයට ගෙන තිබූ බවද විගණන වාර්තාවේ සඳහන්.

WhatsApp Group

Skip to content