හබරාදූව රූමස්සල ප්‍රදේශය්දී සිදුවූ අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .

පොලිසිය පැවසුවේ අධ්‍යාපන චාරිකාවක ගිය දහම් පාසල් සිසුන් පිරිසක් රැගත් බස් රථයක සිටි සිසුවෙක් ජනේලයෙන් එළියට හිස දැමීමේ දී විදුලි රැහැන් කණුවක ගැටී අනතුර සිදුව ඇති බවයි.

ඊයේ සවස් කාලයේ දී එම අනතුර සිදුව තිබෙනවා .

අනතුරින් තුවාල ලැබූ සිසුවා කඩිනමින් කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව සදහන් .

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අවුරුදු 16ක් වු උඩුබද්දාව, කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙක් බවයි අප වාර්තාකරු පැවසුවේ .

මේ අතර නුවරඑළිය බඹරකැලේවත්ත ප්‍රදේශයේ කැලෑවකදී බඹර ප්‍රහාරයකින් බේරීමට දිව යෑමේ දී ප්‍රපාතයකට ඇදවැටි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 16 හැවිරිදි පාසල් සිසුවෙක් බව සඳහන්.

බඹර ප්‍රහාරයෙන් බේරීමට තවත් තිදෙනෙකු සමග දිව යන අතරතුර 16 හැවිරිදි පාසල් සිසුවා ප්‍රපාතයකට ඇද වැටී මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ .

 

WhatsApp Group

Skip to content