දේශීය බෙහෙත් බඩු විකුණන මුවාවෙන් පාසල් දරුවන් හා තරුණ පිරිස් වෙත මදන මෝදක අලෙවි කළ පුද්ගලයන් දෙදෙනෙකු මැණික්හින්න නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී රුපියල් ලක්ෂ 19ක් පමණ වන වටිනා මදන මෝදක වැටලීම කළ නිලධාරීන් භාරයට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
මෙහිදී බලපත්‍ර රහිත මත්ගුලි හෙවත් මදන මෝදක ගුලි 450ක් සොයාගෙන තිබෙනවා.
සැකකරුවන් දෙදෙනා සහ මත්ගුලි තොගය තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content