යාපනය මුමුනෙයි ප්‍රදේශයේ ඊයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී රුපියල් මිලියන 11ක් වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 35ක් සොයාගෙන තිබෙනවා.

මෙම මෙහයුම නාවික හමුදාව විසින් සිදු කළ අතර, අදාළ කේරල ගංජා තොගය මාමුනෙයි ප්‍රදේශයේ මාර්ගයක් අසල අතහැර දමා තිබූ බවයි නාවික හමුදාව සදහන් කළේ.

කුඩා පාර්සල් 18ක අසුරන ලද කේරළ ගංජා කිලෝග්‍රෑම් 35යි ග්‍රෑම් 900ක් පමන මෙහිදී නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content