ඩුබායි රාජ්‍යයේ සැඟව සිටි මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන අහුංගල්ලේ ලොකු පැටී නම් පුද්ගලයාගේ ප්‍රධාන ගෝලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයේ නිලධාරීන් විසින් ඊයේ පස්වරුවේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කහතුඩුව, කැබැල්ලගහවත්ත ප්‍රදේශයේ නිවසකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
සැකකරුවන් සතුව තිබී රුපියල් කෝටි 30කට ආසන්න වීථි වටිනාකමකින් යුත් හෙරොයින් කිලොග්‍රෑම් 13කට ආසන්න ප්‍රමාණයක්, පිස්තෝල 02ක් සහ ව්‍යාජ අංක තහඩු යොදන ලද මෝටර් රථ 02ක් පොලිස් බාරයට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content