වැඩ තහනමකට ලක්ව සිටින කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක් අනිවාර්ය නිවාඩු යැවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සිදුකළ වකුගඩු සැත්කමකින් පසු මියගිය තුන් හැවිරිදි දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය මෙන්ම කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර තිබුනේද මෙම අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින්.

එමෙන්ම වෛද්‍ය සභාව විසින් මෙම වෛද්‍යවරයාගේ වැඩ තහනම් කර තිබියදී ඔහු මෙම මරණ පරික්ෂණ සිදු කර තිබෙන බව ද සදහන්.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායක මහතා කියා සිටියේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී මොහුගේ වැඩ තහනම් කර ඇති බවයි.

WhatsApp Group

Skip to content