ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍ය අද ආරම්භ වනවා.

පෙරහැර අද සිට ලබන මස 3 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.

මේ අතර, වගකීමෙන් යුතුව නිසි පරිදි කසළ බැහැර කරන්නැයි, මධ්‍යම පරිසර අධිකාරිය, කතරගම ඇසළ පෙරහර මංගල්‍යය නැරඹීමට පැමිණෙන බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරනවා .

පෙරහැර කාලය තුළ කතරගම පූජා භූමිය , මැණික් ගඟ ඇතුළු ප්‍රදේශවල ඝන අපද්‍රව්‍ය ටොන් 1,700ක පමණ ප්‍රමාණයක් ගොඩගැසෙන බව, මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙනවා .

ඒ අනුව පොලිතින් මලු වෙනුවට පරිසර හිතකාමී මලු ලබාදීම ඇතුළු පරිසර හිතකාමී වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි.

 

WhatsApp Group

Skip to content