රුසියානු – යුක්රේන යුද පිටියේදී තවත් ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකු මියගොස් ඇති බවට අනාවරණ වී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළදාම හා සමුද්‍රීය අපරාධ විමර්ශන ඒකකය මේ බව තහවුරු කළා.

පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ මෙරට හිටපු හමුදා සාමාජිකයින් 08 දෙනෙකු රුසියා – යුක්රේන යුද්ධයේදී මියගොස් ඇති බවයි.

කෙසේවෙතත් මේ වන විටත් යුද්ධයට සම්බන්ධවු ශ්‍රී ලාංකිකයින් 50ක් පමණ අතුරුදන්ව ඇති බවටයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content