රුසියාව සිය විදේශ ප්‍රතිපත්තිය සංශෝධනය කර තිබෙනවා.

සංශෝධිත නව ප්‍රතිපත්තියට අනුව බටහිර රාජ්‍යන්ට එරෙහිව කටයුතු සංවිධානය කිරීමට විශේෂ සන්ධානයක් නිර්මානය කිරිමටයි අවධානය යොමුකර ඇත්තේ.

අවසන් වරට රුසියාව සිය විදේශ ප්‍රතිපත්තිය සංශෝධනය කර ඇත්තේ 2016 වසරේදීයි.

යුක්‍රේන ආක්‍රමණය හමුවේ අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල්, රුසියාවට අඛණ්ඩව සම්බාධක පැනවීම පදනම් කරගනිමින් මෙම සංශෝධනය සිදුකර තිබෙනවා.

මේ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සභාපතීත්වය, රුසියාවට හිමිවීම පිළිබඳව යුක්‍රේනය සිය විරෝධය කළා.

යුක්‍රේනය පවසන්නේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් රුසියානු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති පසුබිමක රුසියාවට සභාපතීත්වය දීම හාස්‍ය දනවන කරුණක් බවයි.

WhatsApp Group

Skip to content