රුසියාව – යුක්රේනයට පහර දී අදට වසරක් සපිරෙනවා.

එම පහර දීම හෙළා දකිමින් සහ යුක්රේනයෙන් හමුදාව ඉවත් කරගන්නා ලෙස ඉල්ලමින් නිව්යෝක් හී ජගත් මහ මණ්ඩලයේ දී ඊයේ යෝජනාවක් ද සම්මත කර තිබෙනවා.

ඒ අනුව ඊට පක්ෂව ඡන්ද 141 ක් ද , විපක්ෂව 7ක් ද ප්‍රකාශ කර ඇති බව සඳහන්.

සෙසේ වෙතත් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 32 ක් ඡන්දය දීමෙන් වැළකී සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

WhatsApp Group

Skip to content