යුක්රේනයට එරෙහි යුද්ධයේදී රුසියාව මානව හිමිකම් උල්ලංගනය කරඇති බවට අමෙරිකාව චෝදනා කරනවා.

එරට උප ජනාධිපතිනී කමලා හැරිස් මහත්මිය පවසන්නේ යුක්රේනය ආක්‍රමනයට පැමිණි රුසියානු හමුදා සිවිල් වැසියන් ඝාතනය කළ බවයි.

මියුනිච් නුවර පැවැති ආරක්ෂක සමුළුවකට එක්වෙමින් අමෙරිකානු උප ජනාධිපතිනිය මේ බව ප්‍රකාශ කළා.

මෙම සමුළුවේදී ප්‍රධාන වශයෙන් අවධායන යොමුව ඇත්තේ යුක්රේන අර්බුදය පිළිබදවයි.

සමුළුව අමතමින් අමෙරිකානු උප ජනාධිපතිනිය පෙන්වා දී ඇත්තේ රුසියානු හමුදා යුක්රේන කාන්තාවන්ට ලිංගික හැරිහැර සිදුකරන බවට පැමිණිලි ලැබී ඇති බවයි.

WhatsApp Group

Skip to content