රුසියාවේ මොස්කව් අගනුවර කාර්යාල ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයන් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එම අවස්ථාවේදී එක් පුද්ගලයෙකු බේරාගෙන ඇති අතර, ඔහු මේ වන විට බරපතල තත්ත්වයෙන් රෝහල්ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ගින්න සිදුවන අවස්ථාවේ දෙදෙනෙකු ගොඩනැගිල්ලේ ජනේලයෙන් පැනීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත් අතර, සෙසු පුද්ගලයන් 06 දෙනා ගොඩනැගිල්ලේ අභ්‍යන්තර කඩා වැටීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content