මධ්‍යම යුක්රේනයේ මහල් 5 කින් යුත් ගොඩනැගිල්ලකට අද රුසියාව විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම ප්‍රහාරයෙන් පුද්ගලයන් තිස් දෙදෙනෙකුට තුවාල සිදු වී ඇති අතර ගොඩනැගිල්ලේ සිර වී සිටින පුද්ගලයන් බේරා ගැනීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙන බවයි එම මාධ්‍ය වාර්තාවල සදහන් කර ඇත්තේ.

මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ පිරිස මෙන්ම ජීවිතක්ෂයට පත් වූ පිරිස ද ඉහළ යා හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සදහන් වන්නේ.

WhatsApp Group

Skip to content