රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලයින් 51 දෙනෙකු මිය ගිය බව යුක්‍රේනය පවසනවා.

මධ්‍යම යුක්‍රේනයේ, පෝල්ටෝවා නගරයට එල්ල කළ රුසියානු මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලයින් 51 දෙනෙකු මියගොස් තවත් 271 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

යුක්‍රේන හමුදා ඇකඩමියකට හා රෝහලකට මෙලෙස පහර දී තිබෙනවා.

එම ප්‍රහාරයෙන් හමුදා සාමාජිකයන් ද මිය ගොස් ඇති බව බව යුක්‍රේනය හමුදාව තහවුරු කර සිටියා.

යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ ගුවන් ප්‍රහාර එල්ල වන බවට සීනු නාද වුවද ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා ගමන් කිරීමට ප්‍රමාණවත් කාලයක් නොමැති වූ බවයි.

WhatsApp Group

Skip to content