ජනාධිපතිවරණය දින තුනක් මුළුල්ලේ පවත්වන රුසියාවේ ජනාධිපතිවරණය අද ඇරඹෙනවා. මේ වනවිට ද එරට ඈත පෙරදිග ප්‍රදේශයන් හි ඡන්ද පොළවල් විවෘත බවයි වාර්තා වන්නේ.

එක්සත් රුසියාව පක් ෂයේ සහය ලබන ස්වාධීන අපේක්ෂකයකු ලෙස සැලකෙන ජනාධිපති ව්ලදිමීර් ව්ලදිමිරෝවිච් පූතින්, කොමියුනිස්ට් පක්ෂ අපේක්ෂක නිකොලායි මිහායිලවිච් හරිතෝනෆ්, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලියොනිද් එදුවාර්දවිච් ස්ලුත්ස්කි සහ නව ජනතාව පක්ෂයේ ව්ලදිමීර් අන්ද්‍රයේවිච් දවාන්කෆ් යන සිවුදෙනා මැතිවරණය සඳහා අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්ව ඇත.

කෙසේ වෙතත් මෙම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂා කළ ලිබරල්වාදී යයි සැලකෙන අපේක්ෂකයන් කිහිපදෙනකුටම එම අවස්ථාව හිමි නොවීම ආන්දෝලනාත්මක කරුණක් වුණා.

WhatsApp Group

Skip to content