රුසියා ජනාධිපතිවරයා වසර අවසානයේ පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාව මෙම වසරේ දී නොපවත්වන බව ක්‍රෙම්ලීනයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

කෙසේවෙතත් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව නොපැවැත්වීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නිකුත්කර නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

විචාරකයින් පවසන්නේ පෙබරවාරි මාසයේ ආරම්භ වූ යුක්රේන රුසියා යුද්ධය හේතුවෙන් රුසියා ජනාධිපතිවරයා මෙවැනි තීරණයක් ගෙන ඇති බවයි.

දෙදහස වසරේ සිට බලයේ සිටින පුටින් ජනාධිපතිවරයා ඔහුගේ සෑම පාලන වසරකම දෙසැම්බර් මාසයේ දී මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වනු ලබනවා.

රුසියා ජනාධිපතිවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවකට පෙනී නොසිටින පළමු අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

WhatsApp Group

Skip to content