ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යෑම තාවකාලික බව වයඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මාහාචාර්ය අමින්ද මෙත්සිල මහතා පවසනවා. මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති වෙනස් කිරීම මේ සදහා බලපා ඇති බවටයි මහචාර්යවරයා පෙන්වා දෙන්නේ.

ඩොලරයට සාපේක්ෂව රුපියල ස්ථාවර ලෙස ශක්තිමත් වීමට එම මුදල් ඒකකයේ සැපයුම වැඩි වීමක් හෝ එහි ඉල්ලුමේ අඩු වීමක් තිබිය යුතු බවයි ඔහු කියා සිටියේ.

ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 343 යි ශත 97 ක් ලෙස දැක්වුණු අතර, එහි විකුණුම් මිල සටහන් වුණේ 356 යි ශත 73 ක් ලෙසයි. කෙසේ වෙතත් විදේශ සංචිත පහත වැටීම හමුවේ මෙරට ආර්ථිකය සීග්‍ර ලෙස කඩා වැටීමකට ලක් වූ අතර ඩොලරයේ අගය ද රුපියලට සාපේක්ෂව පාලනයකින් තොරව දෛනිකව ඉහළ යාමට ලක් වුණා.

WhatsApp Group

Skip to content