අඹ ගෙඩියක් රුපියල් අසූ පන්දහසක මුදලකට වෙන්දේසිවීමේ පුවතක් වවුනියාවෙන් වාර්තා වනවා.

ඒ වවුනියාව, තවසිකුලම ශ්‍රී විනායගර් කෝවිලේ වාර්ෂික පූජා වෙන්දේසියේදීයි.

විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයෙකු විසින් වෙන්දේසියේදී මෙම අඹ ගෙඩිය මිලදී ගෙන ඇති බවයි කෝවිලේ පාලක සභාව කියා සිටියේ.

මෙම වෙන්දේසිය පවත්වා ඇත්තේ මේ දිනවල වවුනියාව දිස්ත්‍රික්කයේ කෝවිල්වල වාර්ෂික පූජාවන් පැවැත්වෙන අතර වාරයේදීයි.

මින් පෙර අවස්ථාවකදී කෝවිලක පූජා වට්ටියක් රුපියල් ලක්ෂ 10ක මුදලකට අලෙවීමේ පුවතක්ද මීට පෙර වවුනියාවෙන් වාර්තා වූවා.

WhatsApp Group

Skip to content