රජය විසින් නියම කළ රුපියල් 100 යේ මිලට ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට මහා පරිමාණ වී මෝල් හිමියන් එකඟ වූ බව නිව් රත්න සහල් අධිපති ලංකේෂ්වර මිත්‍රපාල මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ජනාධිපතිවරයා සමඟ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එම සාකච්ඡාවට එක්වූ වූ මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා කියා සිටියේ, ගොවියාගෙන් වී මිලදී ගැනීමේදී කිලෝවක් සඳහා රුපියල් 120ක මිලක්වත් ලබාදිය යුතු බවයි.

https://www.vnews.lk/storage/2023/02/DADLI-SIRISENA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content