මැතිවරණ කොමිසම විසින් රුපියල් මිලියන 770 ක මුදලක් ඉල්ලුම් කරමින් මුදල් අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කර තිබෙනවා .

ඒ පළාත් පාලන මැතිවරණයේ පෙබරවාරි මාසයට අදාළ කාර්යයන් සදහායි .

අදාළ ලිපිය මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කළ බව එම කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කළා .

රුපියල් බිලියන 10ක මුදලක් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා වැයවනු ඇති බවට ඇස්තමේන්තු ගත කර තිබෙනවා .

පසුගියදා පාර්ලිමේන්තුවේ ද අනුමැතිය හිමි වුණේ එම මුදල මෙවර අයවැයෙන් වෙන් කිරීමටයි .

මේ අතර ඊයේ දිනයේදීත් දේශපාලන වේදිකාවේ මැතිවරණය සම්බන්ධයෙන් විවිධ අදහස් පල වුණා .

මේ එලෙස අදහස් පල කල රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක , ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික සමන්ත විද්‍යාරත්න , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ආධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ යන මහත්වරුන් .

WhatsApp Group

Skip to content