තලෛයිමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ දී මුහුදේ පාවෙමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04 කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය මඟින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ.

මුහුදේ පාවෙමින් තිබූ උරයක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කිරීමේදී පාර්සල් හතරක මෙම අයිස් මත්ද්‍රව්‍ය අසුරා තිබු බව නාවික හමුදාව සදහන් කළා.

මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 67කට අධික බවට විශ්වාස කරන අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් මෙම මත්ද්‍රව්‍ය තොගය සිය භාරයේ තබා ගන්නා බවද නාවික හමුදාව වැඩිදුරටත් සදහන් කළා.

WhatsApp Group

Skip to content