යාපනය, වෙත්තිලකේනි මුහුදේ පාවෙමින් තිබූ රුපියල් මිලියන 14කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝග්රැම් 35 යි ග්‍රෑම් 100 ඊයේ(24) සොයාගත් බව නාවික හමුදාව පවසනවා.

වෙත්තලකේනි මුහුදු සීමාවේ මුර සංචාරයේ නිරත නාවික හමුදා සෙබලුන් පිරිසකට මුහුදේ පාවෙමින් තිබූ කිසියම් පාර්සල් කිහිපයක් පරීක්ෂා කිරීමේදී කේරළ ගංජා තොගය හමුව ඇති බව නාවික හමුදාව වැඩිදුරටත් කියා සිටියේ.

ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් කේරළ ගංජා රැගෙනවිත් ඇති අතර ගැනුම්කරුවන් නොපැමිණීම හේතුවෙන් ආරක්ෂක අංශ වෙත හසුවෙතැයි බියෙන් ගංජා තොගය මුහුදට දමා සැකකරුවන් පළාගොස් ඇති බවටයි නාවික හමුදාව සැක පළ කරන්නේ.

සොයාගත් කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු වෙනුවෙන් කන්කසන්තුරය පොලිසිය වෙත භාරදී තිබෙනවා.

WhatsApp Group

Skip to content