රුපියල් කෝටි 50කට ආසන්න වටිනාකමකින් යුතු දුම්වැටි තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායි සිට කොළඹ පිටකොටුව ප්‍රදේශයේ ආයතනයට එවන ලද රෙදි රෝල් සෙල සදහන් කරතිබු බාහාලුමක තිබියදීයි මෙම දුම්වැඩි තොගය සොයාගෙන ඇත්තේ.

බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් ගබඩා කර තිබු බවයි වාර්තා වන්නේ.

අදාළ බහාළුමේ රෙදි රෝල් 266ක් ගබඩා කර ඇති බවට සදහන් කර තිබුණද රෙදි රෝල් 38ක් පමණක් තිබු බවයි රේගුව පැවසුවේ.

මෙම බහාළුම නිදහස් කර ගත්තේ නම් රජයට රුපියල් කෝටි 40ක පමණ බදු ආදායමක් අහිමිව යනු ඇති බව ද ශ්‍රී ලංකා රේගුව සදහන් කළා.

අදාළ දුම්වැඩි තොගය පිළිබද ශ්‍රී ලංකාවේ නැව් නියෝජිත ආයතනය මගින් ඩුබායිහි නියෝජිත ආයතනයෙන් කරුණු විමසීමක් සිදුකර තිබෙනවා.

එමෙන්ම නීතිවිරෝධී ආයතනය සහ පුද්ගලයින් පිළිබදව රේගු ආදායම් අධීක්ෂණ අංශය මගින් වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.

WhatsApp Group

Skip to content