රුපියල් හත් කෝටි තුන් ලක්ෂ හැට හතර දහසක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් , සිය ගමන් මල්ලේ , සහල් ඇසුරුමක් තුළ සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට වී යාමට තැත් කළ ගුවන් මගියෙකු සහ ඔහු රැගෙන යාමට ගුවන් තොටුපොළ වෙත පැමිණි තවත් දෙදෙනෙකු 10/26 දින උදෑසන පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
 මොහු ගොතටුව ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි කුකුළු ගොවිපළක් පවත්වා ගෙන යමින් සිටින ව්‍යාපාරිකයෙකි .
ඔහු 10/26 දින උදෑසන 09.30 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 47 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලක් තුළ , සහල් ඇසුරුමක බහා , සගවා ගෙන , කිලෝ ග්‍රෑම් 05 යි ග්‍රෑම් 026 ක් බරැති මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙනැවිත් තිබුණි .
මොහු ගුවන් තොටුපොළේ සිට වහාම රැගෙන යාම සදහා වෑබොඩ ප්‍රදේශයේ 36 හැවිරිදි  ටැක්සි රථ රියැදුරුවරයෙකු සහ ඔහුගේ සහායිකාව ලෙස 33 හැවිරිදි පානදුර , වාද්දුව ප්‍රදේශයේ පදිංචි තරුණියක ද , කාර් රථයකින් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .

WhatsApp Group

Skip to content