ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි.

දෙවන දිනය නිමාවන විට තරගයේ සියලු ගෞවර අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඊයේ දිනට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රිඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 02 ක් දැවී ලකුණු 22 ක් සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සදහා කඩුලු 05 ක් දැවී ලකුණු 602ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවනු ලැබුවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් , කමිදු මෙන්ඩිස් සහ කුසල් මෙන්ඩිස් ශතක රැස් කළා.

කමිදු මෙන්ඩිස් ලබා ගත් ශතකයෙන් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා කිහිපයක් ද අලුත් වුණා.

කමිදු ඉතිහාසයට එක්වන්නේ 1950 වසරෙන් පසුව වේගවත්ම ටෙස්ට් ලකුණු 1000ක් රැස් කළ පළමු පිතිකරුවා ලෙසයි.

WhatsApp Group

Skip to content