ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අද විවේකී දිනයක් ලෙස නම් කර තිබෙනවා.

ඒ අද පැවැත්වෙන ඡනාධිපතිවරණ ඡන්ද විමසීම හේතුවෙන්.

තෙවන දිනට තරගයේ ඊයේ නවතා දමන විට සිය දෙවන ඉනිම ක්‍රිඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 04ක් දැවී ලකුණු 237ක් ලබා සිටියා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 202ක් ඉදිරියෙන් පසුවනවා.

මේ අතර දිමුත් කරුණාරත්න ඊයේ දිනය අවසානයේ පැවති මාධ්‍ය හමුවට එක්වුණා.

ඔහු කියා සිටියේ තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි අවස්ථාවක් පවතින බවයි.

 

WhatsApp Group

Skip to content