සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තිදෙනෙකු එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කර තිබෙනවා.

ඉෂාක් රහුමාන්, අලි සබි්‍ර රහීම් සහ එස්.එම්.එම් මුෂාරෆ් යන මන්ත්‍රිවරුන් තිදෙනා විසිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

කෙසේවෙතත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතා ඊයේ පැවසුවේ තම පක්ෂය ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබා දෙන බවයි.

WhatsApp Group

Skip to content