බගවන්තලාව නගරයට කිසියම් ප්‍රදේශයක විසු රිලවුන් රංචුවක් අල්ලා ගෙනවිත් දැමිම හේතුවෙන් තමන් දැඩි අසිරුතාවයට පත් වි ඇති බව බගවන්තලාව නගරයේ ව්‍යාපාරික ප්‍රඡාව සහ ප්‍රදේශවාසින් පවසයි.

දැනට මාසයක පමණ කාලයක් තුල මෙම රිලවුන් රංචුව රැගෙනවිත් බගවන්තලාව ප්‍රදේශයට දමා ඇති බවත් මේ වන විට එම රිලවුන් තම වෙලදසැලේ ප්‍රදර්ශනය කර ඇති එලවළු සහ පලතුරු රැගෙන පලා යන බවත් පවත්නා තත්ත්වය මත එම රිලවුන් රංචුවෙන් ගැටළු රැසක් මතු වි ඇති බවයි එම වෙලෙදුන් කියා සිටින්නේ.

රිලවුන් බිය ගැන්විම සදහා ගොරිල්ලෙකුගේ රුව සහිත වෙස් මුහුණක් පළතුරු සහ එලවළු මත තබා ඇති බවත් එම වෙස් මුහුණු දෙස නොබලා රිලවුන් පළතුරු සහ එලවළු රැගෙන පලා යන බවයි වෙලෙදුන් කියා සිටින්නේ.

WhatsApp Group

Skip to content