2024 ජනවාරි මස පළමුවනදා සිට ඔක්තෝබර් මස 25 දක්වා කාලය තුළ සිදුවූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 1,898ක් මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ රිය අනතුරුවලින් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ පදිකයන් බවයි.

මෙම වසරේ සිදුවූ රිය අනතුරු සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content