යාපනය,පලෙයි ප්‍රදේශයේදී  සිදුවු රිය අනතුරකින් පාසල් දරුවෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පලෙයි පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ කැබ් රථයක් පාපැදික ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර, අනතුරින් පාපැදියේ ගමන්ගත් පාසල් දරුවෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

යාපනය,මුල්ලෙඅඩි ප්‍රදේශයේ පදිංචි13 හැවිරිදි   දරුවෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය පැවසුවා.

මියගිය දරුවාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් කිලිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට ඇති අතර, කැබ් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබිණා.

සිද්ධිය සම්බන්ධයෙන් පලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

WhatsApp Group

Skip to content