වවුනියාව,පුදුකුලම ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් වයස අවුරුදු 09 ක දරුවෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වවුනියාව,ඊච්චන්කුලම පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ වයස අවුරුදු 09 ක් හා අවුරුදු 07 ක් වන දරුවන් දෙදෙනෙකු සිය පියා සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී යතුරුපැදිය පෙරළීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

ටිපර් රථයක් පසුකර යාමට උත්සහ කිරීමේදී යතුරුපැදිය පෙරළි ගොස් අනතුර සිදුව ඇති බව මුලිකව අනාවරණය වි ඇති බවද පොලිසිය පැවසූවා.

අනතුරින් තුවාල ලැබු දරුවන් දෙදෙනා වවුනියාව රෝහලට ඇතුළත් කිරීමේදී වයස අවුරුදු 09 ක් වු වි.ඩිනෝජන් නමැති වවුනියාව,පුදුකුලම මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලද දරුවා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබු දරුවාගේ පියා හා සහෝදරයා වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඊච්චන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

WhatsApp Group

Skip to content