පුද්ගලික බස් රථයක රියදුරකුට ඇති වූ හදීසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ධාවනය කරමින් තිබූ බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව මැදවච්චිය නගරයේ දී නිවසක් සහිත ගරාජයක් තුළට කඩා වැදී දරුණු රිය අනතුරක් සිදුව තිබෙනවා.
මෙම බස් රථයේ පුද්ගලික අඟලුම් හලක සේවකයින් පිරිසක් රැගෙන යමින් සිටි අවස්ථාව්දියි මෙම අනතුර සිදුව ඇත්තේ.
මෙම අනතුරින් 13 දෙනෙකු තුවාල ලබා ඇති අතර බරපතල තුවාල ලැබූ 07 දෙනෙකු වැඩිදුර ප්‍රථිකාර සඳහා අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
මැදවච්චිය පොලිස් රථවාහන අංශය මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content