රියදුරු බලපත්‍රවල වලංගු කාලය සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කරුණු පැහැදිලි කර තිබෙනවා.

එහි කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසුවේ 2009ට පෙර ලබා ගන්නා ලද රියදුරු බලපත්‍ර ඉදිරි මාස තුන තුළ අවලංගු කිරීමක් පිළිබද තීරණයක් රජය විසින් ගෙන නොමැති බවයි.

ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පළවන වාර්තා අසත්‍ය බව ද ඔහු අවධාරණය කළා.

කෙසේවෙතත් මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සලකා රියදුරු බලපත්‍රයට අසාදු ලකුණු ලබා දීමේ ක්‍රමයක් ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා බවයි අනුරුද්ධ වීරසිංහ මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content