අවිස්සාවේල්ල – කොළඹ පරණ පාර භාවිත කරන රියදුරන්ට පොලිසිය විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

අද පැවැත්වෙන නවගමුව පත්තිනි දේවාලයේ පෙරහැර හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

එම පෙරහැර අද රාත්‍රි 07 සිට අළුයම 1.30 දක්වා පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම හෙට උදෑසන 09 සිට මධ්‍යහන 12 දක්වා දියකැපීමේ පෙරහැර එම මාර්ගයේ ගමන් කරනු ඇති.

මේ හේතුවෙන් එම කාලසීමාව තුළ අවිස්සාවේලල් – කොළඹ පරණ පාර වෙලේ හංදියේ සහ රණාල හන්දියෙන් රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලිසිය පවසනවා.

ඒ අනුව කොළඹ සිට හංවැල්ල දෙසට ගමන්කරන රථවාහන කඩුවෙල වෙලේ හන්දියෙන් දකුණට හැරී වඳුරමුල්ල, ඔරුවල හන්දිය, හබරකඩ, ජය මාවත රණාල හන්දිය දක්වා ගමන්කළ හැකිවනවා.

එමෙන්ම හංවැල්ල සිට කොළඹ දෙසට ගමන්කරන ලබන රථවාහන රණාල හන්දියෙන් වමට හැරී ජය මාවත, හබරකඩ, ඔරුවල හන්දිය, වඳුරමුල්ල වෙලේ හන්දිය දක්වා ගමන්කළ හැකි බව පොලිසිය සදහන් කළා.

WhatsApp Group

Skip to content