රැඳවියන්ගේ සුවදුක් විමසීමට පැමිණිමට නොහැකි ඥාතීන්ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඔවුන් පිළිබඳව සොයා බැලීමට හැකිවන ලෙස  E VISIT  සංකල්පය හඳුන්වා දී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ව්‍යුහාත්මක වෙනස්කම් සහ ඉදිරි සැළසුම් පිළිබදව දැනුවත් කිරීම සදහා අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, බන්ධනාගාර වෙබ් අඩවියට යොමු වී ලියාපදිංචි වීම තුළින් රැදවියන් බැලීමට වේලාවන් දින දෙකක් තුළ වෙන් කර ගැනීමේ පහසුකම පවතින බවයි.

WhatsApp Group

Skip to content