පසුගියදා මෙරට රජයේ වෙබ් අඩවිවලට එල්ල වූ රැන්සම්වෙයාර් සයිබර් ප්‍රහාරයෙන් මැකී ගිය විද්‍යුත් පණිවුඩ යළි ලබා ගැනීම සඳහා ප්‍රති වෛරස් මෘදුකාංග පිළිබඳ පර්යේෂණ පවත්වන ජාත්‍යන්තර ආයතනවලින් සහය ඉල්ලා ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා .

එහි ජ්‍යෙෂ්ඨ තොරුතුරු තාක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල මහතා සඳහන් කළේ එම ආයතන සමග මේ වන විටත් ඒ පිළිබඳ අදහස් හුවමාරු කර ගනිමින් සිටින බවයි.

රැන්සම්වෙයාර් ප්‍රහාරයෙන් රාජ්‍ය ආයතනවල මාස 3 ක පමණ විද්‍යුත් පණිවුඩ මැකී ගොස් ඇති බව සදහන් .

චරුක දමුණුපොල මහතා පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවයි.

 

WhatsApp Group

Skip to content