දකුණු ඉන්දීය සුපිරි නළු රැජිනි කාන්ත් මෙරටට පැමිණ තිබෙනවා.

ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් ඔහු අද දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිනි බවයි අප ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කලේ.

එහිදී රැජිනි කාන්ත් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැදවා විශේෂ පිළිගැනීමක් ද සිදු කරනු ලැබුවා.

සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස දකුණු ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී. වෙන්කේෂ්වරන් මහතා විසින් මින් පෙර ලෝකප්‍රකට දකුණු ඉන්දීය සුපිරි නළු රැජිනි කාන්ත් හට ආරාධනා කර තිබුනා.

එම ආරාධනය සැලකිල්ලට ගනිමිනුයි දකුණු ඉන්දීය සුපිරි නළු රැජිනි කාන්ත් මෙරටට පැමිණ ඇත්තේ.

ඔහුගේ පැමිණීම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට විශාල පිටුවහලක් වන බවයි සංචාරක අමාත්‍යාංශය පවසන්නේ.

WhatsApp Group

Skip to content