රැකියා විරහිත උපාධිධාරින් කඩිනමින් රැකියාවලට බඳවා ගන්නා ලෙස ආණ්ඩුවට බල කිරීම සදහා හෙට දිනයේදී කොළඹට රැස්වන බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමය පවසනවා.

2020 ජනවාරි පළමු වන දා සිටි රජයේ විශ්වවදි්‍යාලවලින් උපාධිය ලබා ගත් 35,000කට අධික පිරිසක් රැකියා විරහිතව සිටින බවත් මෙම පිරිස පවතින පුරප්පාඩු සදහා බඳවා ගන්නා ලෙස ඉල්ලා බලධාරින් සමග සිදු කළ සාකච්ඡා අසාර්ථක වූ බවත් එම සංගමය පෙන්වා දෙනවා.

ඒ අනුවයි ඔවුන් හෙට දිනයේදී කොළඹට රැස් වීමට තීරණය කර ඇත්තේ.

WhatsApp Group

Skip to content