ඉන්දීයාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ භාරත් ජෝඩෝ පාද යාත්‍රව ජම්මු කාශ්මීර ප්‍රාන්තය හරහා ගමන් කරමින් තිබියදී ඊට බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වී තිබෙනවා.

පාද යාත්‍රාවට එක්ව සිටි කොංග්‍රස් පක්ෂ ක්‍රියාකාරීන් හත් දෙනෙකු ඉන් තුවාල ලැබූ බව එරට මාධ්‍ය වාර්තා කළා.

කොංග්‍රස් පක්ෂයේ භාරත් ජෝඩෝ පාද යාත්‍රව ආරම්භ වූයේ මීට මාස කීපයකට පෙර දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවෙන්.

පාද යාත්‍රාවට නායකත්වය දෙමින්, එය මෙහෙයවන්නේ කොංග්‍රස් පක්ෂ නායකයෙකු වන රාහුල් ගාන්ධි විසින් වීමද විශේෂත්වයක්.

පාද යාත්‍රාවේ අරමුණ, කොංග්‍රස් පක්ෂය ජනතාව අතරට ගෙන යමින්, එය ජනප්‍රිය කරලීම බවයි සඳහන් වන්නේ.

මෙම බෝම්බ පිපිරීමත් පක්ෂ ක්‍රියාකාරීන් තුවාල ලැබීමත් සමඟ පාද යාත්‍රාව චද්වාල් නගරය අසලදී නවත්වා දැමීමටද සිදුව තිබෙනවා.

ඒ, රාහුල් ගාන්ධි ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින්.

WhatsApp Group

Skip to content