කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිටි නිවෙසකට පැන භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසනවා.

එහිදී අත්අඩංගුවට ගත් 52 හැවිරිදි සැකකරු වයස අවුරුදු 13 සිට දේපොළ කොල්ලකෑමට පුරුදුව සිටි පුද්ගලයෙකු බවත්, දේපොළ කොල්ලකෑමක් සම්බන්ධයෙන් වසර 13ක සිර දඬුවමක් විඳ පැමිණි අයෙකු බවත් පොලිසිය පවසනවා.

මෙලෙස කොල්ලකා ඇත්තේ දිවයිනේ සුප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකුගේ දියණියකට අයත් නිවසකටයි.

දැඩි ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී ඇති ‘රාජු භායි මිහිරාත්‘ නමින් හඳුන්වන මෙම සැකකරු අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කුරුඳුවත්ත පොලිසියට භාරදී තිබෙනවා.

WhatsApp Group

Skip to content