රාජාංගනය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට බැන තර්ජනය කිරීම සහ රාජකාරියට බාධා කිරීමේ චෝදනාවට ලක්ව සිටි ව්‍යාපාරික විරංජිත් තාඹුගල අද(26) දහවල් පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදාහැර තිබෙනවා.

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා කියා සිටියේ සැකකාර විරංජිත් තාඹුගල නොච්චියාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදා හැර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නඩුව නොවැම්බර් මස 29 වන දින කැඳවීමට නියමිත බවයි නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේ.

WhatsApp Group

Skip to content